මාතරදී අත්අඩංගුවට ගත් නිළිය ඇතුළු 17දෙනා අධිකරණයට

මාතර හෝටලයකදී අත්අඩංගුවට ගත් නිළිය ඇතුළු 17දෙනා අද අධිකරණයට

by Staff writer 04-03-2019 | 7:42 AM
COLOMBO (News 1st) : මාතරදී කොකේන් සමග අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය ඇතුළු තරුණ තරුණියන් 17 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අදාළ පිරිස ඊයේ අත් අඩංගුවට ගනු ලැබුවේ, මාතර හෝටලයක නවාතැන් ගෙන සිටියදීයි. අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණයින් 13 දෙනෙකු වන අතර පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සෑම සැකකරුවෙකු සන්තකයේ ම තිබී කොකේන් මිලිග්‍රෑම් 20 කට අධික ප්‍රමාණයක් පොලීසිය භාරයට ගත් බවයි. අවුරුදු 18 ත් 24 ත් අතර වයසේ පසුවන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන තිබිණ.