පොලිස් පරීක්ෂකගේ සුවදුක් විමසීමට ජනපති ජාතික රෝහලට

පොලිස් පරීක්ෂකගේ සුවදුක් විමසීමට ජනපති ජාතික රෝහලට

by Staff writer 04-03-2019 | 1:43 PM
COLOMBO (News 1st) : හදිසි අනතුරකින් තුවාල ලබා සිටින බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජාතික රෝහල වෙත පැමිණියේ ය. රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටියදී පසුගිය 24 වන දා ඔහු මෙම අනතුරට මුහුණ දුන්නේ, කොළඹ - ගාල්ල මාර්ගයේ ඩුප්ලි බුලස් හන්දියේදීයි. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා තවදුරටත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. https://www.youtube.com/watch?time_continue=103&v=AI1KpALwBsM