පක්ෂවල සියලු තොරතුරු වෙබ් අඩවියට

දේශපාලන පක්ෂවල සියලු තොරතුරු වෙබ් අඩවියේ පළ කිරීමට අවධානය

by Staff writer 04-03-2019 | 3:19 PM

COLOMBO (News 1st) - දේශපාලන පක්ෂවල සියලු තොරතුරු මැතිවරණ කොමිසමට අයත් වෙබ් අඩවියේ පළ කිරීමට අවධනය යොමුවී තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, ඒ යටතේ පක්ෂ ව්‍යවස්ථාව, විගණනය කරන ලද ගිණුම් වාර්තා හා එම පක්ෂවල නිලධාරී මණ්ඩලය වෙබ් අඩවියේ පළ කිරීමට නියමිත බවයි. ඒ පිළිබඳව පක්ෂවල ප්‍රතිචාර විමසා ඇති බව ඔහු සඳහන් කළේ ය. මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, පක්ෂවලින් ලැබෙන ප්‍රතිචාර මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.