දිවයින පුරා රෝහල්වල ඖෂධ හිඟයක්

දිවයින පුරා රෝහල්වල ඖෂධ හිඟයක්

by Staff writer 04-03-2019 | 1:22 PM
COLOMBO (News 1st) : දිවයින පුරා රෝහල්වල වකුගඩු, ඇදුම සහ හෘද රෝග සඳහා භාවිත කරන ඖෂධවල දැඩි හිඟයක් ඇතැයි, නිදහස් සෞඛ්‍ය සේවාවක් සඳහා ජනතා ව්‍යාපාරය පෙන්වා දෙයි. එහි කැඳවුම්කරු වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, මාස 02 ක සිට මෙම ඖෂධ හිගය පවතින බවයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක් මේ වන විට රෝහල් වෙත ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි. එම ඖෂධ බෙදා හැරීමෙන් අනතුරුව ගැටලුවට විසඳුම් ලබා ගැනීමට හැකි වනු ඇතැයි, ඔහු විශ්වාසය පළ කළේ ය. ලැබෙන ඖෂධ කඩිනමින් බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි ද වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කළේ ය.