කොකේන් සමග අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය රිමාන්ඩ්

කොකේන් සමග අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය ඇතුළු 17 දෙනා රිමාන්ඩ්

by Staff writer 04-03-2019 | 5:58 PM

COLOMBO (News 1st) - මාතරදී කොකේන් සමග අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය ඇතුළු තරුණ තරුණියන් 17 දෙනා ලබන 8 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරුවන් අද මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රංගන ශිල්පිනිය ඇතුළු තරුණ තරුණියන් පිරිස ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ මාතර හෝටලයක නවාතැන් ගෙන සිටියදීය. අවුරුදු 18 - 24 ත් අතර වයසේ පසුවන එම තරුණ තරුණියන් පිරිස කොළඹ, හලාවත, මීගමුව, මහනුවර, පානදුර ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන් වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කොකේන් සහ මත්පෙති පොලීසිය භාරයට ගෙන තිබේ.