කතරගම දේවාල භූමියේදී ගිනි තබාගත් පුද්ගලයා මියයයි

කතරගම දේවාල භූමියේදී ගිනි තබාගත් පුද්ගලයා මියයයි

by Staff writer 04-03-2019 | 9:13 AM
COLOMBO (News 1st) : රුහුණු කතරගම මහාදේවාල භූමියේදී සිරුරට ගිනි තබාගත් පුද්ගලයා මියගොස් තිබේ. පොලීසිය පැවැසුවේ, පිළිස්සුම් තුවාල ලබා හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ, රන්මිණිතැන්න ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි. පොලීසිය පැවැසුවේ, පිළිස්සුම් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල්ගත කෙරුණු බවයි. මහා දේවාලයට යාබදව පිහිටි විහාර ගෙයි කොටසකට ද ගින්නෙන් හානි සිදුව තිබේ. අප වාර්තාකරු පැවසුවේ පොලීසිය, ගිනි නිවීම් ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වූ බවයි.