මෙරට ධර්ම ප්‍රචාරක මූලස්ථානයක් බවට පත් කළ යුතුයි

ලංකාව ධර්ම ප්‍රචාරක මූලස්ථානයක් බවට පත් කරන්න කැපවෙනවා - ජනපති

by Staff writer 03-03-2019 | 9:19 AM

COLOMBO (News 1st) - මුළු මහත් ලෝකයාටම ථේරවාදී බුදු දහම බෙදාහරින ධර්ම ප්‍රචාරක මූලස්ථානය බවට මෙරට පත් කිරීමට වත්මන් රාජ්‍ය නායකයා ලෙස තම වගකීම් ඉටු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, ඊයේ පේරාදෙණිය, ඊරියගම ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව සද්ධර්මරාජා බුද්ධගයා ස්තූපරාජයාණන් වහන්සේ විවෘත කිරීමේ පූජෝත්සවයට එක්වෙමිනි.