ගුරු සංගම්වලින් ජනපතිට ලිපියක්...

ගුරු - විදුහල්පති විරෝධතාවට එල්ල කළ ප්‍රහාර පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා ගුරු සංගම්වලින් ජනපතිට ලිපියක්

by Staff writer 03-03-2019 | 7:05 AM

COLOMBO (News 1st) - බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති ගුරු - විදුහල්පති විරෝධතාවට එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව ලිඛිතව ජනාධිපතිතුමා දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි. පසුගිය 28 වැනි දා අදාළ විරෝධතාව සංවිධානය කර තිබුණේ ගුරු, විදුහල්පති වැටුප් විෂමතා සහ තව ත් කරුණු කිහිපයක් මුල් කරගනිමිනි.