කොකේන් සමග විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ගල්කිස්සේදී කොකේන් සමග නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 03-03-2019 | 8:43 AM

COLOMBO (News 1st) - ගල්කිස්ස, බේකරිය හන්දියේදී කොකේන් ජාවාරමේ නිරත වූ නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී සොයාගත් කොකේන් ප්‍රමාණය ග්‍රෑම් 32 යි මිලිග්‍රෑම් 19 ක් බවයි. රථවාහන රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසක් ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී මේවා සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා 40 හැවිරිදි මොරටුමුල්ලේ පදිංචිකරුවෙකි. සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ.