කංජිපානිගේ තවත් ගෝලයින් 3ක් STF අත්අඩංගුවට

කංජිපානිගේ තවත් ගෝලයින් 3ක් STF අත්අඩංගුවට

by Staff writer 03-03-2019 | 6:15 PM
COLOMBO (News 1st) : ඩුබායිහි අත්අඩංගුවට පත්ව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයින් තිදෙනෙකු වැල්ලම්පිටියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සන්තකයේ තිබී අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් හා කේරළ ගංජා කිලෝග්‍රෑම් එක හමාරක් පමණ සිය භාරයට ගත් බවයි. සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර ඔවුන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.