අනුරාධපුර රෝහලේ ගින්නක් අතරතුර මුදල් කොල්ලයක්

අනුරාධපුර රෝහල් ගොඩනැගිල්ලක ගින්නක් අතරතුර සේප්පුවක තිබූ ලක්ෂ 63 ක් සොරා ගැනේ

by Staff writer 03-03-2019 | 12:11 PM

COLOMBO (News 1st) - අනුරාධපුර ශික්ෂණ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ ගින්නක් අතරතුරු සේප්පුවක තිබූ රුපියල් ලක්ෂ 63 ක මුදලක් සොරා ගෙන තිබේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේ, කිසියම් පුද්ගලයෙකු රෝහලේ සෙප්පුව කඩා එහි තිබූ මුදල් සොරා ගෙන ඇති බවයි. එහි තිබූ ලියකියවිලි තොගයකට ද ගිනි තබා ඇතැයි ඔහු සඳහන් කළේ ය. අද අලුයම 4.00 ට පමණ මෙම සිද්ධිය පිළිබඳ තමාට වාර්තා වූ බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ ය. පොලීසිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ක්‍රියාත්මක බවයි. අනුරාධපුර පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන ඒකකය මගින් මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මේ දක්වා කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.