බ්ලූමැන්ඩල් සංඛ තමිල්නාඩුවේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බ්ලූමැන්ඩල් සංඛ තමිල්නාඩුවේදී අත්අඩංගුවට

by Staff writer 03-03-2019 | 6:43 AM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවකු වන බ්ලූමැන්ඩල් සංඛ තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔහු සමග තව ත් පාතාල කල්ලි සාමාජිකයින් 2 දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි. රාමේෂ්වරන් තොටුපොළ වෙත බෝට්ටුවකින් පැමිණීමේදී රාමේෂ්වරන් පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.