ශ්‍රී ලංකා - ද. අප්‍රිකා පළමු තරගයේ ජය දකුණු අප්‍ර

ශ්‍රී ලංකා - ද. අප්‍රිකා පළමු තරගයේ ජය දකුණු අප්‍රිකාවට

by Staff writer 03-03-2019 | 10:30 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා - දකුණූ අප්‍රිකා පළමු එක්දින තරගය කඩුලු 8 කින් ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකාව සමත්විය. ජොහැන්ස්බර්ග්හීදී පැවැති තරගයේ කාසිය වාසිය දිනාගත් දකුණූ අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසිස් පළමුව පන්දු යැවීමට තීරණය කළේ ය. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පන්දුවාර 47 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 231 ක් පමණි. කුසල් ජනිත් පෙරේරා ලකුණූ 33 ක් රැස් කළ අතර අද ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් ඕෂද ප්‍රනාන්දු අවසනාවන්ත ලෙස ලකුණු 49 ක් රැස් කරගෙන සිටියදීයී දැවී ගියේ ය. සිය එක්දින දිවියේ 13 වන අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 60 ක් රැස් කළ අතර නායක ලසිත් මාලිංග ලකුණූ 15 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී ඉම්රාන් ටහීර් හා ලුන්ගි න්ගිඩි අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියහ. ලකුණු 232 ක ඉලක්කයක් සඳහා දකුණූ අප්‍රිකා ඉණිම අරඹමින් ක්වින්ටන් ඩි කොක් හා රීසා හෙන්ඩ්රික්ස් පිටියට පිවිසුණු අතර රීසා හෙන්ඩ්රික්ස් එක් ලකුණක් රැස් කරගෙන සිටියදීයී දැවී ගියේ ය. අනතුරුව පිටියේ ස්ථාවර වූ නායක ෆෆ් ඩූ ප්ලෙසිස් හා ක්වින්ඩන් ඩි කොක් දකුණු අප්‍රිකා ඉණිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් වෙනුවෙන් ගොඩනැගු සබඳතාව ලකුණු 136කි. ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් සිය එක්දින දිවියේ 19 වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 81 ක් රැස් කළේ ය. සිය එක්දින දිවියේ 11 වන ශතකය වාර්තා කළ නායක ෆෆ් ඩූ ප්ලෙසිස් නොදැවී ලකුණූ 112 ක් රැස් කළේ ය. වෑන් ඩර් ඩසන් නොදැවී ලකුණු 32 යි. ලකුණූ 232 ක ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 38 යි පන්දු 5 ක් අවසානයේ කඩුළු 2 ක් පමණක් දැවී තිබියදීයී නියමිත ඉලක්කය පසු කළේ ය.