දේවාල භූමියේ පුද්ගලයකු සිරුරට ගිනි තබා ගනී

කතරගම මහා දේවාල භූමියේදී පුද්ගලයකු සිරුරට ගිනි තබා ගනී

by Staff writer 03-03-2019 | 12:24 PM

COLOMBO (News 1st) - රුහුණු කතරගම මහා දේවල භූමිය තුළදී අද පෙරවරුවේ පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගෙන තිබේ.

පොලීසිය පැවසූවේ, පිළිස්සුම් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල්ගත කර ඇති බවයි. ගින්නෙන් මහා දේවාලයට යාබදව පිහිටි විහාරගෙයි කොටසකට ද හානි වී ඇත. පොලීසිය, ගිනි නිවීම් ඒකකය සහ ප්‍රදේශවාසීන් එක් ව ගින්න මැඩපවත්වා ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.