හොරණ ඉන්ධන පිරවුම්හලක මුදල් කොල්ලයක්

හොරණ ඉන්ධන පිරවුම්හලක මුදල් කොල්ලයක්

by Staff writer 02-03-2019 | 5:30 PM

COLOMBO (News 1st) - හොරණ ඉන්ධන පිරවුම්හලක් ඊයේ කිසියම් පිරිසක් විසින් කොල්ල කා තිබේ.

හොරණ කුළුපන ඉන්ධන පිරවුම්හලකට ඊයේ රාත්‍රියේ 7.30 ට පමණ මුහුණු ආවරණය කරගත් දෙදෙනකු යතුරු පැදියකින් පැමිණ තිබුණේ ගිනිඅවි ද සමගිනි. කොල්ලකරුවන් දෙදෙනා ඉන්ධන පිරවුම්හලේ තිබූ ලක්ෂයකට ආසන්න මුදලක් කොල්ල කා පළා ගොස් ඇත. පොලීසිය පැවසුවේ, CCTV දර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.