by Staff writer 02-03-2019 | 7:28 AM
COLOMBO (News 1st) - රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 40කට අධික පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ඒ අතර පොලිස් නිලධාරීන් මෙන්ම ඥාතීන් ද වන බව ය.
දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ සිට ස්ථාන මාරුකර සිටියදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනා මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
පසුගිය ජනවාරි 23 වන දා මංජුල අසේල හා රෂීන් චින්තක නමැති රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගෙන ගොස් ඝාතනය කර සිරුරු පුළුස්සා දමා ඇති බවට දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයට චෝදනා එල්ල වී තිබේ.