තමාට එරෙහි පැමිණිල්ල ගැන කිරිඇල්ලගේ ප්‍රතිචාරය....

තමාට එරෙහි පැමිණිල්ල ගැන කිරිඇල්ලගේ ප්‍රතිචාරය...

by Staff writer 02-03-2019 | 8:28 PM

COLOMBO (News 1st) - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විමර්ශන සඳහා යොමු කිරීමට රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම තීරණය කර ඇති බව අප ඊයේ වාර්තා කළෙමු.

එම ප්‍රවෘත්තියේ සඳහන් වූයේ, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයේ අණ පනත් උල්ලංඝණය කරමින් තම බිරිඳට, දියණියට හා ඥාතීන්ට ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන ප්‍රදේශයෙන් අක්කර 50, 20 හා 10 බැගින් වූ බිම් කොටස් ලබා දී ඇති බවට ලංකා වැවිලි කරුවන්ගේ සංගමය විසින් කළ පැමිණිල්ල විමර්ශනයට එම කොමිසම තීරණය කළ බවයි. මේ පිළිබදව අද අමාත්‍ය කිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව කරුණු පැහැදිලි කිරීමක් යැයි කියමින් ලිපියක් අප වෙත එවා තිබුණි. අප ප්‍රවෘත්තියේ සඳහන් වූයේ, යම් කිසි පැමිණිල්ලක් විභාග කිරීමට ජනාධිපති කොමිසම තීරණය කළ බව පමණි. එබැවින් නිවැරදි කිරීමක් අවශ්‍ය වේ නම් අමාත්‍යවරයා එම ලිපිය යැවිය යුත්තේ එම කොමිසමට මිස අප වෙත නොවේ.