by Staff writer 02-03-2019 | 4:42 PM
COLOMBO (News 1st) - ජලභීතිකා එන්නත්වල හිඟයක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය හා පශු වෛද්‍ය සේවා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය එල්. ඩි. කිත්සිරි මහතා සඳහන් කළේ, ජලභීතිකා රෝගින් වාර්තාවීම මේ වන විට ඉහළ ගොස් ඇති බවය.
රෝහල්වලට ලබාදෙන ජලභීතිකා එන්නත් ප්‍රමාණය ඉක්මවා රෝගීන් වාර්තාවීම මෙම එන්නත් හිඟයට හේතුවී ඇතැයි ඔහු සඳහන් කළේ ය.
සුනඛ ගහණය වැඩිවීම හා සුනඛ වන්ද්‍යාකරණයේ පවතින ගැටලු ද ජලභීතිකා රෝගය වැඩීවිමට බලපා තිබේ.
වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් වාර්තා වන ජලභීතිකා මරණ සංඛ්‍යාව 03 කි.