කංජිපානිගේ ගෝලයෙකු කොටහේනේදී අත්අඩංගුවට

කංජිපානිගේ ගෝලයෙකු කොටහේනේදී STF අත්අඩංගුවට

by Staff writer 02-03-2019 | 4:17 PM

COLOMBO (News 1st) - ඩුබායිහි අත්අඩංගුවට පත් ව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු කොටහේන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරු සන්තකයේ තිබී අයිස් නමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2080 ක් සහ කඩුවක් සිය භාරයට ගත් බවයි. මොහොමඩ් මොහුදීන් රහුමාන් රහීම් නැමැති සැකකරු 43 හැවිරිදි කොළඹ 12 පදිංචිකරුවෙකි. සැකකරු අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 06 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.