ඊළඟ අවුරුදු 1 1/2 පාර්ලිමේන්තුව දුවන්නේ කොහොම ද?

ඊළඟ අවුරුදු එකහමාරක් මේ පාර්ලිමේන්තුව දුවන්නේ කොහොම ද?

by Staff writer 02-03-2019 | 8:36 PM

COLOMBO (News 1st) - 19 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය කරළියට එන්නේ මෙරට දේශපාලන ක්‍ර‍මවේදය වඩාත් ප්‍ර‍ජාතන්ත්‍රීයකරණය කිරීමේ මුවාවෙනි.

නමුත් එය එසේ සිදුවී තිබෙනවා ද ? 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ න්‍යායාචාර්යවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, ආචාර්ය ජයම්පති වික්‍ර‍මරත්න වැනි පාර්ශව උත්සාහ කළේ විවිධ උපක්‍ර‍ම මගින් රනිල් වික්‍ර‍මසිංහ වෙත අතිමහත් බලතළ ප්‍ර‍මාණයක් එකතුකරදීම හෝ ඔහුගේ තනතුර වඩාත් සුරක්ෂිත වන ආකාරයට නීතිරිති සම්පාදනය කිරීමයි. අවසානයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිසිදු රජයකට නිසි පරිදි තම කටයුතු සිදුකරගත නොහැකි තත්ත්වයකට පත්වෙන ආකාරයේ ලියවිල්ලක් බවට පත්වන්නේ එම තත්ත්වය තුළයි. එය පසුගිය දේශපාලන අර්බුද සමය තුළ මනාව කැපී පෙනුණි. අද ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් පළ කළේ ය. එක්සත් ජනාතා නිදහස් සංධානයේ පා.ම, නාමල් රාජපක්ෂ
දැන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක බලය තියෙනවා. හැබැයි බලය තියෙන්නේ කාටද කියලා ගැටළුවක් තියෙනවා. අද අපි මේ මාසේ අන්තිමට අයවැය පැරැද්දුවා නම් ආණ්ඩුව විසිරෙන්න ඕන. හැබැයි ආණ්ඩුව විසුරුවන්න බෑ. අගමැති මාරුවෙන්න ඕන. 19 අනුව අගමැති මාරු කරනනත් බෑ. අගමැති වෙනස් කරන්නත් බැරිනම්, පාර්ලිමේන්තුව විසුරුවන්නත් බැරිනම්, අයවැය පැරැද්දුවට පස්සේ ආණ්ඩුව මාරුවෙන්නෙත් නැතිනම් එතනින් එහාට ඊළඟ අවුරුදු එකහමාරක් මේ පාර්ලිමේන්තුව දුවන්නේ කොහොම ද?