English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
02 Mar, 2019 | 12:48 pm
COLOMBO (News 1st) – සිරස FM 25 වන සංවත්සරයට සමගාමීව නිව්ස්ෆස්ට් ගම්මැද්ද ව්‍යාපෘති 5ක් අද ආරම්භ කළේ ය.
ඒ අනුව හැටන් රුවන්පුර ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමලය මොරවැව යාය 6 ප්‍රදේශයේ ජනතාව සඳහා ජල ව්‍යාපෘතියක් ලබා දීමට වැඩ ආරම්භ කෙරිණි.
කතරගම ගෝතමීගම ප්‍රදේශයට ද ගම්මැද්ද ක්‍රියාන්විතය යටතේ ජල ව්‍යාපෘතියක් ලබා දීමට මුලපිරිණි.
පුත්තලම ආනමඩුව ආත්තිකුලම ප්‍රදේශයේ පෙරපාසල් දරුවන් සිය අකුරු කරන ගොඩනැගිල්ල අබලන් වී තිබීම නිසා මහත් අපහසුතාවට පත්ව තිබේ.
රටේ අනාගතය වන එම පුංචි දරුවන්ට අත්වැලක් වෙමින් ගම්මැද්ද ඔවුන්ගේ පෙරපාසල් ගොඩනැගිල්ල නවීකරණ කටයුතු කිරීමටත් යටිතල පහසුකම් ලබා දීමටත් වැඩ කටයුතු ආරම්භ කළේ ය.
මාතර කේන්ද්‍ර කර ගනිමින් තවත් ගම්මැද්ද ව්‍යාපෘතියක් අද ක්‍රියාත්මක විය.
වැලිගම පිටිදූව ප්‍රදේශයට පුස්තකාල ගොඩනැගිල්ලක් කලක සිට අඩුපාඩුවක්ව පැවතිණි.
ඒ අනුව ගම්මැද්දෙන් එම පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කෙරුණේ අද පෙරවරුවේ ය.
පිටිදූව විවේකාරාම විහාරස්ථානයේදී ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබිණි.
30 Nov, 2019 | 08:56 AM
18 Jul, 2019 | 09:01 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS