by Staff writer 01-03-2019 | 5:51 PM
COLOMBO (News 1st) - අතහැර දමා ගිය අලුත උපන් බිළිදෙකු මොණරාගල ගෙවිදුපුර ප්‍රදේශයේ නිවසක ත්‍රිරෝද රථයක සිටියදී සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, නිවැසියන් කළ දැනුම්දීමක් මත එම බිළිඳා සොයාගත් බවයි.
බිළිඳා සියඹලාණ්ඩුව රෝහලට ඇතුලත් කර ඇත.
දිනක් පමණ වයසැති එම බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පොලීසිය සඳහන් කළේ ය.
ඔහුගේ මව සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.