by Staff writer 01-03-2019 | 5:11 PM
COLOMBO (News 1st) - මෙරට ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්විය.
ඒ, විජේරාමේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී යි.
වර්තමානයේ ඉන්දියාව හා පාකිස්ථානය අතර ඇති වී තිබෙන අර්බුදය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම එම හමුවේ මූලික අරමුණ වූ බව විපක්ෂ නායක කාර්යාලය පැහැදිලි කළේ ය.
ඉන්දියාව පාකිස්ථානය සමග දේශපාලනමය හෝ ආර්ථික වශයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ත්‍රස්තවාදයට එරෙහිව සටන්වැදීම තම අරමුණ බවත් ඉන්දීය මහකොමසාරිස්වරයා මෙහිදී විපක්ෂ නායකවරයාට පවසා තිබේ.
තම පාලන සමය තුළ ඉන්දීය රජය විසින් ලක් රජයට සාම්පුර් ගල් අඟුරු බලාගාරයක් අනුමත කිරීම පිළිබඳව තම ප්‍රසාදය ඉන්දීය රජය වෙත ප්‍රකාශ කළ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව එම ව්‍යාපෘතිය අත්හැර දැමීම ගැන තමා කණගාටුවන බව ද ප්‍රකාශ කළේ ය.