
අමල් හා නදීමාල් ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
අමල් හා නදීමාල් ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ඩුබායිහි අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා හා ඔහුගේ පුත් ගායන ශිල්පී නදීමාල් පෙරේරා ඇතුළු පිරිස තවත් මාසයක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා සඳහන් කළේ, අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා එරට පොලීසිය කැඳවූ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව ය.
අමල් හා නදිමාල් දෙදෙනා පසුගිය මස 5 වන දා දින ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට පත් වූයේ, පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග උපන් දින සාදයකට සහභාගී වෙමින් සිටියදී ය.
එහිදී අත්අඩංගුවට ගත් පිරිස 31කි.
ඒ අතර මත්ද්‍රව්‍ය ජාවාරමට හා අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් ද වේ.
- ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ