by Staff writer 28-02-2019 | 6:54 PM
COLOMBO (News 1st) : හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව චෝදනා ගොනු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සුදානම් බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
ඒ තමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහය වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවු අවස්ථවේදීයි.
අතිරේක සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේ 2008 වසරේදී සුදු වෑන් භාවිත කරමින් කොළඹදී තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළ විමර්ශන ද බොහෝදුරට අවසන්ව ඇති බවයි.
අදාළ පෙත්සම සලකා බැලීමට පත් කළ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු වන ප්‍රියන්ත ජයවර්ධන මහතා පෞද්ගලික හේතුවක් මත ඉන් ඉවත්වීම හේතුවෙන් පෙත්සම සලකා බැලීම මාර්තු 7 වනදා දක්වා කල් තැබී ය.