මන්ත්‍රීවරු 5ක් වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරති

මන්ත්‍රීවරු 5ක් සිය වත්කම් - බැරකම් ප්‍රසිද්ධයට පත් කරති

by Staff writer 28-02-2019 | 5:41 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු විසින් සිය වත්කම් - බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධයට පත් කරනු ලැබීම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය හරහා අද සිදුවිය. ඔවුන් පවසන්නේ එය ඵෙතිහාසික පියවරක් බවයි. තාරක බාලසුරිය, වාසුදේව නානායක්කාර, එම්. ඒ. සුමන්තිරම් , විදුර වික්‍රමනායක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය හරහා අද සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළේ ය. එම ආයතනය පවසන්නේ මහජන නියෝජිතයින් වැඩි විවෘතභාවයකින් යුතුව ක්‍රියා කිරීම හරහා ජනතාව ඔවුන් කෙරෙහි දක්වන විශ්වාසය ඉහළ නංවා ගැනීමට හැකි වන බවයි. මහජන නියෝජිතයින් මෙලෙස සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම පිළිබඳව නිවුස් ෆස්ට් අගය කරන අතරම අනෙකුත් මහජන නියෝජිතයින් ද මෙම ක්‍රියාව ආදර්ශයට ගනු ඇතැයි විශ්වාස කරන්නෙමු.