by Staff writer 28-02-2019 | 1:33 PM
COLOMBO (News 1st) - ගමයි, පාසලයි, පන්සලයි, පොලීසියයි ඒකාබද්ධ කරමින් යහපත් සමාජයක් බිහි කිරීමේ නිව්ස්ෆස්ට් නවතම මහජන සේවා ක්‍රියාන්විතය අද ආරම්භ කෙරිණි.
ඒ, නයිවල මාරපොළ මහා විද්‍යාලයෙනි.
එකමුතුකමින් පිරිපුන්, විනය ගරුක, ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පෝෂණය වූ දරු පරපුරක් රටට දායාද කිරීමේ අරමුණින් නිව්ස්ෆස්ට් මෙම වැඩසටහන අද සිට ආරම්භ කරයි.
සමාරම්භක වැඩසටහන අද නයිවල මාරපොළ මහා විද්‍යාලයෙදී ආරම්භ කෙරුණේ, සීමා සහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියල් මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම වැඩසටහනට පාසලේ දරුවන්, ආදි ශිෂ්‍යයින් දෙමව්පියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එහිදී ගුණ දහම් පිළිබඳව දැනුවත් කරන්නට ක්‍රියාකරකම් රැසක් සංවිධාන කර තිබිණි.
මෙහිදී අධ්‍යාත්මික ගුණ වගාව පිළිබඳව දැනුවත් කළේ, ශාස්ත්‍රපති පූජ්‍ය වෙන්නවත්තේ රතනජෝති හිමියන් විසිනි.
මෙම වැඩසටහනේදී විනය පිළිබඳව දැනුවත් කිරීම සඳහා බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා එක්ව සිටියේ ය.
එකමුතුකම පිළිබඳව දැනුවත් කිරීමට එක්වුණේ, ප්‍රවීණ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතායි.
https://www.youtube.com/watch?v=z_Nq3zwGrpU