by Staff writer 28-02-2019 | 3:44 PM
COLOMBO (News 1st) : ආපදා අවදානම අවම කිරීමේ කළමනාකරණ සැලැස්ම තුළින් මානුෂීය ප්‍රතිචාර සහ ජනතාවගේ දරාගැනීමේ හැකියාව ශක්තිමත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අද (28) පිලිපිනයේ මැනිලා නුවරදී පැවැත්විණ.
ඒ පිලිපීන ආපදා කඅළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රිකාඩෝ බී ජලාද් මහතාගේ ප්‍රධානත්වයෙනි.
අපදා කළමනාකරණය පිළිබඳ ආසියානු ශාන්තිකර සන්ධානය සංවිධානය කරන මෙම ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිවුස් ෆස්ට් නියෝජිවරු ද සහභාගී වූහ.
රටවල් රැසක නියොජිතයින් එක්ව සිටි මෙම සමුළුවෙදී අපදාවකට මුහුණදීම සඳහා ප්‍රජාව ශක්තිමත් කළ යුතු ආකාරය සහ මානුෂිය ප්‍රතිචාර දැක්වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරිණ.
සමුළුවට සහභාගි වී සිටින නියෝජිතයින් හෙට පිලිපීනයේ ප්‍රදේශ කිහිපයක ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමට නියමිතයි.
https://www.youtube.com/watch?v=dOivRvNflLk