ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Sakila Udayakumara

28 Feb, 2019 | 7:03 am

COLOMBO (News 1st)
දේශීය පුවත්

1. මහ බැංකු බැඳුම්කර කොල්ලයේ වැරදිකරුවන්ට පවතින රජය වෙනස් වන තුරු දඬුවම් දීමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

2. අද දිනයේ ලාහෝර් සහ කරච්චි බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අවලංගු කර තිබේ.

3. රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම මගහැර සිටින දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 5 දෙනාට විදෙස්ගත වීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

4. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉන්දීය ජාතික මර්සිලි තෝමස් නමැත්තා ඊයේ එම චෝදනාවෙන් නිදහස් කෙරිණි.

5. ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

6. මෙරට සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාව වන මහ බැංකු බැඳුම්කර වංචාවට ඊයේ දිනට සිව් වසරක් සපිරේ.

විදෙස් පුවත්

7. කාශ්මීර දේශසීමාව උල්ලංඝනය කළ ඉන්දීය ගුවන් හමුදාවේ ජෙට් යානා 2කට ප්‍රහාර එල්ල කර බිම හෙළූ බව පකිස්ථානය පවසයි.

ක්‍රීඩා පුවත්

8. සිය ප්‍රියතම ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරියට තරග තහනමක් පැනවීම පිළිබඳව තමන් කණගාටු වන බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායකයෙකු වන මහේල ජයවර්ධන පවසයි.