"බැඳුම්කර හොරුන්ට දඬුවම් දීමට ඇති බාධකය ආණ්ඩුවයි"

බැඳුම්කර හොරුන්ට දඬුවම් දීමට ඇති බාධකය ජනපති හෙළි කරයි

by Sagarika Chathumali 27-02-2019 | 6:37 PM
COLOMBO (News 1st) : මහබැංකු බැඳුම්කර කොල්ලයේ වැරදිකරුවන්ට පවතින රජය වෙනස්වන තුරු දඩුවම් දීමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ බත්තරමුල්ල විගණන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි. වංචාව, දූෂණ සහ හොරකම මුල් බැසගෙන තිබෙන මේ රට ගොඩනැගීමට නම් විගණන සේවය ශක්තිමක් කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය. මෙම අවස්ථාවට කරු ජයසූරිය, ලසන්ත අලගියවන්න, විගණකාධිපති ගාමිණි විජේසිංහ සහ ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සභාපති කේ. එන්. එම්. කුමාරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.