ලාහෝර් සහ කරච්චි ගුවන් ගමන් අවලංගුයි

ලාහෝර් සහ කරච්චි ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අවලංගුයි

by Staff writer 27-02-2019 | 5:27 PM
COLOMBO (News 1st) : හෙට දිනයේ ලාහෝර් සහ කරච්චි බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අවලංගු කර තිබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, පාකිස්ථාන බලධාරීන් සිය ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් එම පියවර ගත් බවයි. කොළඹ සිට කරච්චි බලා පියාසර කිරීමට නියමිතව තිබු U L 183 සහ කොළඹ සිට ලාහෝර් බලා පියාසර කිරීමට නියමිතව තිබු U L 185 ගුවන් යානය මෙලෙස අත්හිටවූ බව දීපාල් පෙරේරා මහතා කියා සිටියේ ය. පාකිස්තාන සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ, සිය ගුවන් අවකාශය නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බවයි.