by Staff writer 27-02-2019 | 7:49 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන උපාලි මාරසිංහ මහතා පත් කර තිබේ.
ඔහු අද සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත ය.
උපාලි මාරසිංහ මහතා මීට පෙර අධ්‍යාපන, සෞඛ්‍ය හා ඛණිජ තෙල් ඇතුළු අමාත්‍යංශ කිහිපයක ලේකම් ධූරය හෙබවූ අතර ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ හිටපු අධ්යක්ෂවරයා ද වේ.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ධූරයෙන් රමාල් සිරිවර්ධන මහතා ඉවත් වීමත් සමග එම ධූරය පුරප්පාඩු විය.