ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Sakila Udayakumara

27 Feb, 2019 | 7:06 am

COLOMBO (News 1st) 
දේශීය පුවත්

1. පෑලියගොඩ සිමෙන්ති කර්මාන්ත ශාලා පරිශ්‍රයක තිබී හමු වූ මිනිස් හිස DNA පරීක්ෂණයකින් හඳුනාගත් බව පොලීසිය පවසයි.

2. රජයේ වෛද්‍ය පීඨවලින් හා කොතලාවල වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධි ලැබූ පිරිසකට සීමාවාසික පුහුණු පත්වීම් ලබා දීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නේ ය.

3. අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ, ලෝටස් වටරවුමේදී පැවැත් වූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය ඊයේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ ය.

4. බොරැල්ල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතා, අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනාගෙන් ඇප නියමව කොන්දේසි සපුරාලීමට නොහැකිව සිටි සැකකරුවන් 5 දෙනා ඇප කොන්දේසි සැපිරීම හේතුවෙන් ඊයේ මුදා හැර තිබේ.

5. කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයේ ටෙන්ඩර් පටිපාටිය පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

6. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

7. රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ගිනිඅවි සේප්පුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුද්‍රා තබා තිබේ.

විදෙස් පුවත්

8. පකිස්ථානයේ ඉන්දීය දේශසීමාව ආශ්‍රිතව පිහිටි ත්‍රස්ත කඳවුරකට ඊයේ අලුයම ප්‍රහාර එල්ල කර විනාශ කළ බව ඉන්දියාව පවසයි.

ක්‍රීඩා පුවත්

9. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර 2ක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ සියලු කටයුතු වළක්වාලමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් තහනමක් පනවා තිබේ.