HND සිසුන්ට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර

JUST IN : HND සිසුන්ට කොළඹදී පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර

by Staff writer 26-02-2019 | 5:25 PM

COLOMBO (News 1st) - අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ, ලෝටස් වටරවුමේදී පැවැත් වූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය මීට ටික වේලාවකට පෙර කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, විරෝධතාකරුවන් හා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවලින් පසු එහි සිටි කිසියම් පිරිසක් කළහාකාරි හැසිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි. විරෝධතාකරුවන් පොලීසිය දෙසට ගල් ප්‍රහාරයක් ද එල්ල කර තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, එම ප්‍රහාර හමුවේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/384382719028654/