හෙරොයින් ජාවාරම: මරණ දඬුවම් ලැයිස්තුවට තවත් අයෙක්

හෙරොයින් ජාවාරම : මරණ දඬුවම් ලැයිස්තුවට තවත් අයෙක්....

by Sagarika Chathumali 26-02-2019 | 12:04 PM
COLOMBO (News 1st) : හෙරොයින් ජාවාරම්කරුවෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය. මත්ද්‍රව්‍ය ජාවාරම සහ සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අදාළ වරදකරුට මෙලෙස මරණ දඬුවම නියම කළේ ය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, 2017 වසරේ දෙසැම්බර් 11 වන දා කොළඹ 14 එච්.ආර් ජොතිපාල මාවතේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ, හෙරොයින් ග්‍රෑම් 105ක් සමගයි. ශුද්ධ හෙරොයින් ග්‍රෑම් 29.43ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබිණ.