ලංගමයේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 26-02-2019 | 3:23 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ගමනාගමන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සභාපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදී ඇති බවයි. විෂය භාර අමාත්‍යවරයා කළ දැනුම්දීමක් මත සහ පෞද්ගලික හේතු මත සභාපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව එම නිලධාරියා සඳහන් කළේ ය.