ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ

කොළඹ, ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ

by Staff writer 26-02-2019 | 4:37 PM

COLOMBO (News 1st) - විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට කොළඹ, ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, උසස් තාක්ෂණික ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශය අවහිර වී ඇති බවයි. රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙනු ඇත.