ඉදිරි පැය 24 තුළ පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

ඉදිරි පැය 24 තුළ පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

by Staff writer 26-02-2019 | 5:50 PM

COLOMBO (News 1st) - දිවයිනේ දකුණ, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල ඉදිරි පැය 24 තුළ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව තද වැසි සහ අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක ඉතා තද වැසි ඇතිවිය හැකි බවය. ඌව පළාතේ සහ කෑගල්ල, කොළඹ, ගම්පහ, මහනුවර, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවලට ප්‍රබල අකුණු සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.