ඇප කොන්දේසි සැපිරු 05 දෙනා මුදා හැරේ

බොරැල්ලේ රිය අනතුර සම්බන්ධයෙන් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වූ සැකකරුවන් 5 දෙනා මුදා හැරේ

by Staff writer 26-02-2019 | 5:09 PM

COLOMBO (News 1st) - බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතා, අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනාගෙන් ඇප නියමව කොන්දේසි සපුරාලීමට නොහැකිව සිටි සැකකරුවන් 5 දෙනා ඇප කොන්දේසි සැපිරීම හේතුවෙන් අද මුදා හැර තිබේ.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනාගෙන් 07 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ ය. ඒ සැකකරුවන් ඊයේ පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීමෙන්, 05 දෙනෙකු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඩිෆෙන්ඩර් රථය පැද වූ උදේශ් රත්නායක නැමැත්තා ලබන 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ ය. අත්අඩංගුවට පත් වූ එක් සැකකරුවෙක් සහ තව ත් තරුණියක් ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් ඊයේ සවස මුදා හැරුණි. අත්අඩංගුවට පත්වූවන් අතර කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රිවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා සහ පොලිස් අධිකාරිවරයෙකුගේ පුත්‍රයෙකු ද වනු ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අනතුර සිදු කර පළා ගිය ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් සැකකරුවන් 05 දෙනෙකු සහ ප්‍රාඩෝ රථයේ ගමන් ගත් සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියෙන් යමින් සිටියදී පෙරේදා අලුයම 4.30 ට පමණ කොළඹ - ගාල්ල මාර්ගයේ බම්බලපිටිය ප්‍රදේශයේදී අනතුරට ලක් විය. අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනු ඇති.