by Staff writer 25-02-2019 | 5:11 PM
COLOMBO (News 1st) - මෙරටින් සොයා ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සිටින මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දකුණු ආසියානු රටක තව ත් ජාවාරම්කරුවෙකු මාර්ගයෙන් මෙරටට එවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම ජාවාරම්කරු ඩුබායි රාජ්‍යයේ නිදැල්ලේ සිටින අයෙකු බව සඳහන් ය.
ඩුබායිහි අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ කණ්ඩායමේ සම්බන්ධයක් මීට නොමැති බවට ද තොරතුරු අනාවරණවී ඇතැයි පොලීසිය පවසයි.
ඒ අනුව විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ජාවාරම්කරුවෙකු ලබා දුන් තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය තොගය ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් පෙරේදා සවස අත්අඩංගුවට ගනු ලැබුවේ ය.
ඒ, කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලකදී ය.
කුඩා වෑන් රථ දෙකක ගමන් මලුවල බහා තිබූ එම හෙරොයින් තොගවල බර කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490 ක්.
මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 3533කි.