කිරිඇල්ල කමිටු වාර්තාව අගමැතිට

රන්ජන්ගේ ප්‍රකාශය විමර්ශනය කළ කිරිඇල්ල කමිටු වාර්තාව අගමැතිට

by Staff writer 25-02-2019 | 7:19 PM

COLOMBO (News 1st) - මැති ඇමතිවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා කළ චෝදනාවට අදාළව පරීක්ෂා කළ කමිටු වාර්තාව අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාරදී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ පිළිබඳව සොයා බැලීමට ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවට ඉරාන් වික්‍රමරත්න, ආශු මාරසිංහ සහ නිශ්ශංක නානායක්කාර යන මහත්වරුන් නම් කර තිබුණි. නමුත් කමිටු රැස්වීම්වලට සහභාගිවී තිබුනේ එක්සත් ජාතික පක්ෂයෙන් නීතිඥවරයෙකු වන මහේෂ් කලුගම්පිටිය මහතායි. බැඳුම්කර වංචාව පිළිබඳව රනිල් වික්‍රසිංහ මහතා පත්කළ පිටිපන කමිටුවේ ද සමාජිකයෙකු ලෙස මහේෂ් කලුගම්පිටිය මහතා කටයුතු කළේ ය. මේ අතර රන්ජන් රාමනායක මහතාගේ අනාවරණය පිළිබඳව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද දුම්කොළ හා මධ්‍යසාර ජාතික අධිකාරිය පැවැත් වූ සාකච්ඡාවකදී අදහස් පළකර තිබේ.