by Staff writer 25-02-2019 | 5:42 PM
COLOMBO (News 1st) - ඩුබායිහි අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් සිය අපරාධ සඳහා වෙඩික්කරුවෙකු ලෙස යොදා ගත් යුද හමුදා සෙබළෙකුගේ නිවසක් මාතර කොට්ඨාස අපරාධ විමර්ශ ඒකකයේ නිලධාරීන් විසින් අද වැටලූහ.
ඒ, හක්මණ ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී ලොකු හකුරුගේ ශාන්ත මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධි පිළිබඳ විමර්ශනවලට අදාළවයි.
වැටලීම කරන අවස්ථාවේ සැකකරු නිවසේ සිට නැත.
සමන්ත පුෂ්පකුමාර නැමැති සැකකරු සපුගස්කන්ද යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ අයෙකි.
පොලීසිය කළ වැටලීමේදී අදාළ නිවසේ තිබි යුද හමුදා ඇඳුම් කට්ටල කිහිපයක්, ටී 56 උණ්ඩ 21 ක් අත්විලංගු යුවළක් පොලීසිය භාරයට ගෙන තිබේ.
එම මොහොතේ නිවසේ රැඳි සිටි සමන්ත පුෂ්පකුමාර නැමැත්තාගේ පියා අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
සැකකරු 51 හැවිරිදි අයෙකි.
පොලීසිය පවසන්නේ, මෙම හමුදා සාමාජිකයාට විදෙස් ගතවීම තහනම් කරමින් මේ වන විට අධිකරණය නියෝගයක් ද ලබා ගෙන ඇති බවයි.
මාකඳුරේ මධුෂ්ගේ සහයෙකු වන ඔහු පන්නිපිටියේ රුපියල් කෝටි 700 ක මැණික් කොල්ලය සඳහා ද පැමිණ ඇති බවට පොලීසිය සැක කරයි.
පොලීසිය සඳහන් කළේ, ඔහුගේ නිවසේ තිබි සොයා ගත් අත්විලංගු යුවළ පන්නිපිටියේ ව්‍යාපාරිකයා පැහැර ගැනීම සදහා භාවිතා කරන්නට ඇති බවට සැක කරන බවය.