බොරැල්ලේ අනතුරට සම්බන්ධ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

බොරැල්ලේ අනතුරට සම්බන්ධ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 25-02-2019 | 6:46 AM
COLOMBO (News 1st) : බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථයේ ගමන් කළ බොරලැස්ගමුව, හෝමාගම හා කිරිබත්ගොඩ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් තිදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 4 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කිරීම සම්බන්ධයෙන්, ජීප් රථයේ රියැදුරු ලෙස කටයුතු කල බවට සැකපිට පොලිස් අධීකාරිවරයෙකුගේ 27 හැවිරිදි පුත්‍රයෙකු ඊයේ අත්අඩංගුවට ගැනිණ. මාළඹේ පදිංචිකරුවෙකු වන සැකකරු උපන්දින සාදයක් සඳහා සහභාගී වී යළි එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පදවා ඇත්තේ, අත්අඩංගුවට ගත් පුද්ගලයාම ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක බවයි. බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටියදී ඊයේ අලුයම 4 30 ට පමණ අනතුර සිදුවිය. අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරික්ෂකවරයා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. https://www.youtube.com/watch?v=rMRhEX1iSBs