by Staff writer 25-02-2019 | 1:34 PM
COLOMBO (News 1st) : තණමල්විල ඌව කුඩා ඔය ප්‍රදේශයේ දී ලක්ෂ 5 අල්ලසක් ලබා ගැනීමට උත්සාහ කළ වීරවිල යුද හමුදා කඳවුරේ නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, හම්බන්තොට ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුගෙන් මෙම නිලධාරීන් දෙදෙනා අල්ලස් ඉල්ලා ඇති අතර ඉන් එක් පුද්ගලයෙකුගෙන් අල්ලස් ලබා ගැනීමට යාමේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
අදාළ නිලධාරීන් දෙදෙනා වීරවීල යුද හමුදා කඳවුරේ සේවය කරන කපිතාන්වරයෙක් සහ කෝප්‍රල්වරයෙක් වන අතර ඔවුන් මෙ වන විට කුඩාඔය පොලීසිය භාරයේ පසුවේ.
මේ අතර අත්අඩංගුවට ගත් කෝප්‍රල්වරාගේ නිවසේ තිබියදී පතොරම් තුවක්කුවක්, ටී 56 උණ්ඩ 16 ක්, අත්බෝමයක් සහ යුද හමුදා නිල ඇඳුම් කිහිපයක් ද සොයාගෙන තිබේ.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාෂක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, අත්අඩංගුවේ පසුවන දෙදෙනාගේ සේවය අත්හිටුවා ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත් වන බවයි.