කටුබැද්දෙන් සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් හමුවෙයි

සැකකටයුතු තව ත් ඩිෆෙන්ඩර් රථයක් කටුබැද්දේදී පොලිස් භාරයට

by Staff writer 24-02-2019 | 1:14 PM

COLOMBO (News 1st) - මොරටුව, කටුබැද්ද ප්‍රදේශයෙන් සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රි සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමක් අතරතුර එය සොයාගත් බවයි. එම ඩිෆෙන්ඩර් රථයේ බලපත්‍ර ව්‍යාජ ඒවා බව දැනට සිදු කළ විමර්ශනවලින් අනාවරණ වී ඇතැයි පොලීසිය පැවසුවේ ය. ඊට අමතරව එහි තිබි තව ත් අංක තහඩුවක් සොයාගෙන තිබේ. ඩිෆෙන්ඩර් රථයේ සිටි පුද්ගලයාගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ අදාළ අංක තහඩුව තමන්ට හිමි මෝටර් රථයේ අංක තහඩුවක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.