හෙරොයින් වැටලු පොලිස් නිලධාරීන්ට ජනපතිගෙන් පැසසුම්

විශාලතම හෙරොයින් තොගය වැටලු පොලිස් නිලධාරීන්ට ජනපතිගෙන් පැසසුම්

by Staff writer 24-02-2019 | 12:04 PM

COLOMBO (News 1st) - මෙරටින් සොයා ගත් විශාලතම හෙරොයින් තොගය වැටලු පොලිස් විශේෂ කාර්ය බලකායට හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ගෞරවය පුද කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ, ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමිනි. මෙය අනාගතය භාර ගන්නා දු දරුවන් වෙනුවෙන් කළ උදාර මෙහෙවරක් ලෙස සලකන බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. මෙවැනි වැටලීම් සඳහා තමාගේ පූර්ණ සහයෝගය හැමවිටම ලබා දෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ටුවිටර් පණිවුඩය මගින් අවධාරණය කර සිටි.