by Staff writer 24-02-2019 | 4:55 PM
COLOMBO (News 1st) : මෙරටින් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වැටලූ නිලධාරීන්ට සුබ පැතීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස් මූලස්ථානයේ මත්ද්‍රව්‍ය කාර්යාංශයට අද පෙරවරුවේ පැමිණියේ ය.
ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ එය අනාගතය භාර ගන්නා දූ දරුවන් වෙනුවෙන් කළ උදාර මෙහෙවරක් බවයි.
මෙවැනි, වැටලීම් සඳහා තමාගේ පූර්ණ සහයෝගය හැමවිට ම ලබා දෙන බව ද ජනාධිපති සඳහන් කළේ ය.
කොල්ලුපිටිය, සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලකින් රුපියල් මිලියන 2945කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සොයා ගැනුණේ ඊයේ පස්වරුවේයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් සොයාගත් එම හෙරෙයින් තොගයේ බර කිලෝ ග්‍රෑම් 294 යි ග්‍රෑම් 490 කි.
එය මෙරටින් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.
https://www.youtube.com/watch?v=T0R1r6nxfI4