by Staff writer 24-02-2019 | 5:42 PM
COLOMBO (News 1st) : මත්ද්‍රව්‍ය උවදුරින් රට බේරා ගැනීම සඳහා යුද හමුදාවෙන් ලබා දිය යුතු සෑම සහයෝගයක්ම නොමදව ලබා දීමට සුදානම් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
නිව්ස් ෆස්ට් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින්, යුද හමුදාපතිවරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය වැටලීම සඳහා හමුදා සමාජිකයින් පුහුණු කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.
අවශ්‍ය ඕනෑ ම මොහොතක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම්වලට හමුදා සමාජිකයින් අනුයුත්ත කිරීමට සුදානම් බව ද මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළේ ය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විටත් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය ඒකාබද්ධව සිදු කරන මත්ද්‍රව්‍ය වැටලීම්වලට අවශ්‍ය බුද්ධි තොරතුරු යුද හමුදාව වෙතින් ලබා දෙන බවයි.