බොරැල්ලේ අනතුර කර පලා ගිය සැකකරු භාරවෙයි

බොරැල්ලේ අනතුර සිදුකර පලා ගිය සැකකරු පොලීසියට භාරවෙයි

by Staff writer 24-02-2019 | 9:02 PM
COLOMBO (News 1st) : බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා බම්බලපිටියේදී අනතුරකට ලක්කර පලා ගිය ඩිෆෙන්ඩර් රථයේ රියැදුරා පොලීසියට භාර වී තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, සැකකරු 25 හැවිරිදි ඔහුගේ පියා විසින් පොලීසියට භාර දී ඇති බවයි. සැකකරු උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගතව සිට සතියක නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ ඇතැයි, පොලීසිය පැවසී ය. උපන්දින සාදයක් සඳහා සහභාගී වී යළි එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. මේ අතර අනතුරට සම්බන්ධ ජීප් රථය බත්තරමුල්ල පැලවත්ත පැගොඩා ගාර්ඩ්න් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ නවතා තිබියදී අද පස්වරුවේ සොයා ගැනිණ. බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටියදී අද අලුයම 4 30 ට පමණ අනතුර සිදුවිය. අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.   https://www.youtube.com/watch?v=rMRhEX1iSBs