නොරොච්චෝලේ කේරල ගංජා සමග අයෙක් අත්අඩංගුවට

නොරොච්චෝලේ කලපුවේදී කේරල ගංජා තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

by Staff writer 24-02-2019 | 11:51 AM

COLOMBO (News 1st) - නොරොච්චෝල කලපු තීරයේදී කේරල ගංජා කිලෝග්‍රෑම් 14 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ත්‍රිරෝද රථයකින් ප්‍රවාහන කරන බවට ලද තොරතුරක් මත වැටලීම සිදු කළ බවයි. අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි නොරොච්චෝලේ පදිංචිකරුවෙකි. ඔහු අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.